ඉන්දීය ධීවරයින් ගැන ජානිපෙට ප්‍රශ්නයක්

Thursday, 05 February 2015 - 19:13

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඡන්දය ලබාදුන් ලක්ෂ 58 කගේ බලාපොරොත්තු ඉටු කිරීම සඳහා ඉදිරි මහමැතිවරණයේදී කටයුතු කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මේ බව කියා සිටියේ කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, මෙරටට පැමිණෙන නීතිවිරෝධී ඉන්දීය ධීවරයින් පිළිබඳව පසුගිය දින කිහිපය තුළදී වාර්තා නොවීම පිළිබඳව ද ඔහු මෙහිදී අදහස් පළ කර සිටියා. එහිදී ඔහු සඳහන් කර සිටියේ ධීවරයින් අත්අඩංගුවට නොගැනීම සිදුවන්නේ දෙරටේ රජයන් අතර පවතින අවබෝධයක් හේතුවෙන් බවයි.