Update: ජ’පුර සිසු ගැටුමට හේතුව පෞද්ගලික ආරවුලක්

Thursday, 05 February 2015 - 20:27

Update%3A+%E0%B6%A2%E2%80%99%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඊයේ (05) ඇතිවූ ගැටුමට හේතුව එහි විද්‍යා පීඨයේම ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවු පෞද්ගලික බහින්බස්වීමක් දුරදිග යාම බව එහි විනයාධිකාරීවරයා පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විනයාධිකාරී උදය කුමාර අමරසිංහ කියා සිටියේ මෙම ගැටුම විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටත සිදුවී ඇති බවයි. මේ හේතුවෙන් පැමිණිල්ලක් ලැබුනහොත් පමණක් ඒ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන බව ඔහු සඳහන් කළා.

---------------------------------------------------------------------------------------------------------------------------------------------------

ජ’පුර සරසවියේ ගැටුමක් - 07 කට තුවාලයි

ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර අද (05) පස්වරුවේ ගැටුමක් ඇති වී තිබෙනවා. එම ගැටුමෙන් තුවාල ලැබූ ශිෂ්‍යයන් 07 දෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් දෙදෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.