ජ'පුර සරසවි සිසුන් අතර ගැටුමක්

Friday, 06 February 2015 - 8:12

%E0%B6%A2%27%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (05) පස්වරුවේ ගැටුමක් ඇති වී තිබෙනවා. එම ගැටුමෙන් තුවාල ලැබූ ශිෂ්‍යයන් 07 දෙනෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.

ගැටුම ඇතිවී තිබෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විද්‍යා පීඨයේ සිසුන් දෙපිරිසක් අතරයි. සිද්ධිය සම්බන්ධයෙන් ශිෂ්‍යයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළා.