සුපිරි බද්ද 70,000කට බලපායි - බන්දුල

Friday, 06 February 2015 - 8:15

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF+70%2C000%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD
නව රජයේ අතුරු අයවැය මගින් ඉදිරිපත් කළ සුපිරි ලාභ බද්ද නිසා පෞද්ගලික අංශයෙන් ජීවනෝපාය සලසා ගන්නා 70,000 කට පමණ බලපෑමක් ඇතිවී තිබෙන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. ඊයේ (05) රාත්‍රියේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ බලය දේශපාලන සංවාද වැඩසටහනේදී ඔහු කළ මෙම ප්‍රකාශය, ඊට එක්වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රතික්ෂේප කළේ එම සංඛ්‍යාලේඛන වැරදි සහගත බව පවසමින්. ඊයේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට රජය නියෝජනය කරමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ඌව ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහභාගි වූ අතර විපක්ෂය නියෝජනය කරමින් සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සහ විජිත් විජයමුනි සොයිසායි.  සුපිරි ලාභ බද්ද පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සහ මුදල් අමාත්‍ය රවී කරුණායක අතර එහිදී ඇති වූ  සංවාදයයි මේ.

[MP3]s102763[/MP3]