ජෝන්ට එරෙහි විශ්වාස භංගය අද

Friday, 06 February 2015 - 12:48

%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
මහජන සාමය, ආපදා කළමනාකරණ සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංගට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව කතානායක චමල් රාජපක්ෂ වෙත අද (06) භාරදීමට නියමිතයි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න කියා සිටියේ මෙම විශ්වාසභංග යෝජනාවට මන්ත්‍රීවරුන් සියයකට අධික පිරිසක් අත්සන් කර ඇති බවයි.

පසුගිය 30 වැනිදා වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු නිදහස් සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 04 දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලබන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වනවිට ඇප මත මුදා හැර තිබෙනවා.