චීන රජයේ විශේෂ නියෝජිත, ජනපති හමුවේ.

Friday, 06 February 2015 - 15:27

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.
ශ්‍රී ලංකාව සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම චීනයේ අපේක්ෂාව බව මෙරටට පැමිණ සිටින චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත එරට සහකාර විදේශ අමාත්‍ය ලියු ජියැංචා ඕ ප්‍රකාශ කළා. අද (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසුණු අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පිළිබඳව චීන රජයේ සුබ පැතුම් එක් කළ චීන සහකාර විදේශ අමාත්‍යවරයා මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබා දිය හැකි සෑම සහයක්ම ඉදිරියටත් ලබාදෙන බවයි ප්‍රකාශ කර ඇත්තේ. මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන චීන සහකාර විදේශ අමාත්‍යවරයාට දැනුම් දුන්නේ චීන රජයට මෙන්ම එරට පෞද්ගලික ආයෝජකයින්ට ද ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බවයි.