වරාය නගර ව්‍යාපෘතිය ගැන පරීක්ෂණයක්

Friday, 06 February 2015 - 19:49

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් සොයා බැලීමට තමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කමිටුවක් පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ, අද (06) පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක යොමුකළ පැණයකට පිළිතුරු ලබාදෙමින්.

එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කළේ ඊයේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මෙම ව්‍යාපෘතියේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යාමට කැබිනට් අනුමැතිය ලැබුණු බව සඳහන් කළ බවයි.

ඒ අනුව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පිළිතුරු ලබාදුන්නා. ඔහු එහිදී කියා සිටියේ සම්පූර්ණයෙන්ම ව්‍යාපෘතිය නතර කිරීමේ තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර, චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ලියු ජියැං චා ඕ අද අගමැති කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවූ අතර එහිදී ද මේ පිළිබද සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.