බන්දුල අල්ලස් කොමිසමට

Friday, 06 February 2015 - 19:39

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද (06) අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණ ඉල්ලීමක් කළා. ඒ, තමන්ට සහ හිටපු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය ඊයේ (05) එම කොමිසමට සිදුකළ පැමිණිල්ල කඩිනමින් විභාග කරන ලෙසයි.

මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ව්‍යාපෘතිය සිදුකිරීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවටයි ලංකා ගුරු සේවා සංගමය ඊයේ එම පැමිණිල්ලෙන් හිටපු අධ්‍යාපන අමාත්‍යවරයාට සහ අමාත්‍යාංශ ලේකම්වරයාට එරෙහිව චෝදනා කළේ.

කෙසේ වෙතත්, හිටපු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ මෙය තම  ජීවිත කාලය තුළ සිදුවූ බරපතලම අපහාසය බවයි. ඊට අදාළ නීතිමය පියවර ගන්නා බවත්, කඩිනමින් පැමිණිල්ල විභාග කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමෙන් ඉල්ලා සිටින බවත්, හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.