Update : මැරතන් තරගයකදී මියගිය සිසුවා පිළිබද පරීක්ෂණ

Saturday, 07 February 2015 - 8:01

Update+%3A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟයට සහභාගි වී සිටියදී හදිසියේ රෝගාතුර වී ජීවිතක්ෂයට පත්වූ චමෝද් සත්සර සිසුවාගේ මරණය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

මේ අතර, සිසුවාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂාව සඳහා කොළඹ රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට හම්බන්තොට රෝහලේ අධිකරණ වෛද්‍යවරයා කටයුතු කළා. ඊයේ (06) පස්වරුවේ හම්බන්තොට රෝහලේ දී සිදුකෙරුනු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු චමෝද්ගේ මරණයට අදාළව ලබාදී ඇත්තේ විවෘත තීන්දුවක්. ඒ අනුවයි සිරුරු කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත්තේ.

අම්බලංතොට - බෝලාන නවෝද්‍යා පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟයට සහභාගි වෙමින් සිටියදීයි චමෝද් සත්සර සිසුවා ඊයේ මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ. චමෝද් අම්බලන්තොට රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටි බව අම්බලන්තොට රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/DrnjK5