බදු වංචාකරුවන් මැලේසියාවෙන් ලංකාවට

Saturday, 07 February 2015 - 11:36

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
රුපියල් කෝටි 399ක් වන දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය වසර 280ක සහ වසර 100ක සිර දඬුවම් නියම කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු මැලේසියාවේ සිට ඊයේ (06) රාත්‍රියේ ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ රහස් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මැලේසියාවට ගොස් ඔවුන් අත්අඩංගුවට ගෙන මෙලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ බවයි. සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය වසරේ සැප්තැම්බර් 26 වන දා මෙම වැට් බදු වංචාවට සම්බන්ධ විත්තිකරුවන් 8 දෙනෙකුට සිර දඩුවම් සහ දඩ මුදල් නියම කළා. ඔවුන්ට නියම කළ දඩ මුදල රුපියල් කෝටි 3337ක්. මෙම විත්තිකරුවන් 8 දෙනා අධිකරණය මඟහැර විදේශගතව සිටි අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා වරෙන්තුවක් ද නිකුත් කරනු ලැබුවා.

2002 සහ 2004 කාලසීමාව තුළ සිදුවූ මෙම දකුණු ආසියාවේ විශාලතම වැට් බදු වංචාව සම්බන්ධයෙන් විත්තිකරුවන් 14 දෙනෙකුට චෝදනා එල්ල වූ අතර නඩු විභාගයේදී වරද පිළිගත් 5 දෙනෙකුට දඬුවම් නියම කෙරුණා. පසුගිය මැයි මාසයේදී මෙම වංචාව සම්බන්ධයෙන් වරද පිළිගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැට් අංශයේ නියෝජ්‍ය කොමසාරිස් ඥානසිරි ද සොයිසා ජයතිලකට වසර 102ක සිර දඬුවම් නියම කෙරුණේ එය වසර 3කින් ගෙවී යන ලෙසින්. ඊට අමතරව ඔහුට රුපියල් කෝටි 1200කට ආසන්න දඩයක් ද නියම කෙරුණා.