ශ්‍රී ලංකාව පරිවර්තනය වන රටක් - ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශකවරිය

Saturday, 07 February 2015 - 13:10

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA
ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් පවතින රටක් බව ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශකවරිය වන සූසන් රයිස් ප්‍රකාශ කළා. ජනාධිපති බැරක් ඔබාමාගේ යාවත්කාලීන ජාතික ආරක්ෂක ක්‍රමෝපාය වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඊයේ (06) ඇය කියා සිටියේ නව රජය වඩාත් විවෘත සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ගොඩ නගමින් සිටින බවයි. මියන්මාරය සහ ටියුනීසියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයන් සිදුවන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කළ හැකි බව ඇය කියා සිටියා. ශ්‍රී ලංකාවේ වඩාත් විවෘත, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ වඩාත් පරිපූර්ණ සමාජයක් ගොඩනැගීම සඳහා ඇමරිකාවේ සහාය හිමි වන බවයි එරට ජාතික ආරක්ෂක උපදේශකවරිය සදහන් කළේ.

ශ්‍රී ලංකාවේ සුබවාදී වෙනස්කම් නිශ්චිත වශයෙන්ම සිදුවෙමින් පවතින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා මාරි හර්ෆ් ද කියා සිටියා. මෙරට සංචාරයක නිරත වූ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබද එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් ප්‍රකාශ කළේ අභියෝගයන් පවතින නමුදු ගැටළුවලට විසදුම් සෙවීමට නව රජය කැපවීමක් පෙන්නුම් කරන බවයි.