නව රජය කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම ගැන චීනයේ ප්‍රසාදය

Saturday, 07 February 2015 - 13:20

%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
කොළඹ - වරාය නගර ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට නව රජය ගෙන ඇති තීරණය චීන රජයේ ප්‍රසාදයට ලක්වී තිබෙනවා. චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක, හොන් - ලේ ප්‍රකාශ කළේ දකුණු ආසියාව හරහා නව සේද මාර්ගය තැනීමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස ශ්‍රී ලංකාව සලකන බවයි. ශ්‍රී ලංකාවේ විශාලතම ඉදිකිරීම් ව්‍යාපෘතිය ලෙස සැලකෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මගින් කොළඹ වරායට ඔබ්බෙන් වූ හෙක්ටයාර 233ක මුහුද ගොඩකර නව නගරයක් ඉදිකෙරෙනවා. මෙම ව්‍යාපෘතිය පසුගිය රජය මගින් ආරම්භ කළ අතර නව රජය පත්වීමත් සමඟ ඒ පිළිබද ඇගයීමක් සිදුකෙරුණා. දේශපාලන වෙනස්කම් මගින් ශ්‍රී ලංකාව සහ චීනය අතර සමීප සහයෝගීතාවට බාධාවක් එල්ල වී නොමැති බවයි චීන විදේශ අමාත්‍යාංශය අවධාරණය කළේ.

කෙසේ නමුත්, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට රජය තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය බ්‍රහස්පතින්දා පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නිවේදනය කළා.