රතු පස්වල වාර්තාව නැවතත් කරළියට

Saturday, 07 February 2015 - 13:09

%E0%B6%BB%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
රතුපස්වල ජල ගැටළුවෙන් මතුවූ පාරිසරික හානිය සහ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කර තිබෙනවා. අදාළ වාර්තාව පසුගිය රජයේ බලධාරීන් වෙත ද යොමු කර තිබූ නමුදු වාර්තාවේ නිර්දේශ නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවටයි චෝදනා එල්ල වන්නේ.                          

කෙසේ වෙතත්, ඊයේ (06) දිනයේ කොළඹ පොලිස් සහන මැදිරිය වෙත පැමිණි වැලිවේරිය ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන්ට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, රතුපස්වල සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් පවත්වන ලෙසයි.