බෑන් කී මූන් ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම තවදුරටත්

Saturday, 07 February 2015 - 18:47

%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
ජගත් සංවිධානය මගින් පවත්වන පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාව සහාය විය යුතු බවට වන මහලේකම් බෑන්කී මූන්ගේ ඉල්ලීම තවදුරටත් පවතින බව මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆන් ඩුජාරික් ප්‍රකාශ කළා. නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ පැවති දෛනික මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙරට යුද්ධයේදී සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ පැහැදිලි කරන  ඕනෑම පරීක්ෂණයකට ජගත් සංවිධානය සහය දක්වන බවයි. මෙරට යුද්ධය සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්විය හැකි බව නව රජය කර ඇති ප්‍රකාශයට පිළිතුරු ලෙසයි මහලේකම්වරයාගේ ප්‍රකාශකයා ඒ බව සඳහන් කර ඇත්තේ. දේශීය පරීක්ෂණයක් සඳහා ද සහය විය හැකි බව ද ඔහු එහිදී අවධාරණය කළා.  

මේ අතර, ශ්‍රී ලංකාව පරිවර්තනය වෙමින් පවතින රටක් බව ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශකවරිය වන සූසන් රයිස් කියා සිටියා. ශ්‍රී ලංකාවේ වඩාත් විවෘත, වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සහ වඩාත් පරිපූර්ණ සමාජයක් ගොඩනැගීම සඳහා ඇමරිකාවේ සහාය හිමි වන බවයි ඇය සදහන් කළේ. මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාව ද ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ක්‍රමෝපාය වැඩපිළිවෙලට ඇතුළත් කිරීමක් ලෙස දේශපාලන විචාරකයන් හඳුන්වනවා.

ශ්‍රී ලංකාවේ සුබවාදී වෙනස්කම් නිශ්චිත වශයෙන්ම සිදුවෙමින් පවතින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා මාරි හර්ෆ් ද කියා සිටියා. මෙරට සංචාරයක නිරත වූ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබද එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් ප්‍රකාශ කළේ අභියෝගයන් පවතින නමුදු ගැටළුවලට විසදුම් සෙවීමට නව රජය කැපවීමක් පෙන්නුම් කරන බවයි.