දුම්රිය දෙපාර්තමේන්තුව ජනපතිගේ අවධානයට

Saturday, 07 February 2015 - 18:51

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
පසුගිය රජය සමයේ දුම්රිය දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික සමාගම් අතර ඇති කර ගත් දූෂිත ගිවිසුම් කිහිපයක් සම්බන්ධයෙන් සොයා බලන ලෙසට ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකළ බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. දුම්රිය ඒකාබද්ධ පෙරමුණේ කැඳවුම්කරු සම්පත් රාජිත සඳහන් කළේ අදාළ ලිපිය ඊයේ (06) දිනයේ යොමුකළ අතර, සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පැවත්විය යුතු බවයි.

අප මේ පිළිබඳ අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාරගෙන් විමසීමක් කළා. අමාත්‍යවරයා කියා සිටියේ මේ සම්බන්ධයෙන් දින 10 ක් ඇතුළත වාර්තාවක් කැඳවීමට පියවර ගෙන ඇති බවයි.