දේශපාලන සිරකරුවන් ගැන ටී.එන්.ඒ., අගමැති සාකච්ඡා

Sunday, 08 February 2015 - 12:35

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.%2C+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
දේශපාලන රැඳවියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා තමන්ට පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය සිකුරාදා අග්‍රාමාත්‍යවරයා සමග තමන් ඇතුලූ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සිදුකළ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම පොරොන්දුව ලබාදුන් බවයි.

‘‘පසුගිය සිකුරාදා අපි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා. එහිදී උතුරේ ජනතාව මුහුණදෙන ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළා. සාම්පූර්, මුල්ලිකුලම් වගේ ප්‍රදේශවල ඉඩම් මුදාහැරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණා. විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානය විදිහට අපි අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා දේශපාලන රැඳවියන් නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස. තුන්දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් ඒ සඳහා පත් කරන බවට එහිදී අග්‍රාමාත්‍යවරයා අපිට පොරොන්දු වුණා. කොහොම වුණත් නව රජය යටතේ උතුරේ ජනතාව මුහුණදෙන ගැටළු කඩිනමින් විසඳෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ’’