පසුගිය රජය සමයේ විදේශවලට ගිය ධනය ගැන සොයන්න ලෝක බැංකු සහය

Sunday, 08 February 2015 - 12:32

%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%BA
පසුගිය රජයේ දේශපාලනඥයන් මෙරටින් විදේශ රටවල් වෙත රැගෙන ගිය බව කියන ධනය සොයාබැලීම සඳහා ජාත්‍යන්තර  මෙහෙයුමක් ආරම්භ කෙරෙනවා. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරගේ ඇමරිකානු සංචාරයේදී මේ සඳහා මුල් පියවර ක්‍රියාත්මක වනු ඇති. ඒ සඳහා ලෝක බැංකුව යටතේ ක්‍රියාත්මක වන සොරාගත් දේපළ නැවත ලබාගැනීමේ ඒකකයේ සහය ලබාගැනෙන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා ප්‍රකාශ කළා.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ලබන 12 වැනිදා වොෂිංටනයේදී ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මුණගැසෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් යුත් නව රජය බලයට පත්වීමත් සමග ශ්‍රී ලංකාව තුළ පැහැදිළි පරිවර්තනයක් සිදුවෙමින් පවතින බවයි ඇමරිකාව ප්‍රකාශ කළේ. ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශිකා සූසන් රයිස් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා මාරි හාෆ් සහ මෙරට සංචාරයක නිරතවූ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල්ද ඒ බව අවධාරණය කළා.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර අද අලූයම බ්‍රිතාන්‍යය බලා පිටත්වූ අතර ඉන් අනතුරුවයි ඔහු වොෂිංටනය බලා යනු ඇත්තේ.