Update: 'මහමැතිවරණට අලියාගෙන්’ - මලික්

Sunday, 08 February 2015 - 13:16

Update%3A+%27%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E2%80%99+-+%E0%B6%B8%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A
ජනාධිපතිවරණයෙන් පසු කැදවූ එක්සත් ජාතික පක්ෂයේ පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (08) පැවැත්වුණා. ඒ, අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී පුරප්පාඩු වී පැවැතුණු එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයට හිටපු සභාපතිවරයෙකු වූ මලික් සමරවික්‍රම යළි පත් කර තිබෙනවා. මාධ්‍ය ප්‍රකාශක, තනතුර සඳහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පත් කර ඇති අතර, ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දුන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් පිළිබදව ද මෙහිදී අවධානය යොමු වුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ඇතුළු සියලූ පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගැනෙනු ඇති. එසේම මහ මැතිවරණය දක්වා පක්ෂයේ අනෙකුත් තනතුරු නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ අතර, මැතිවරණයට අදාළ කමිටු පත් කිරීමේ බලය පක්ෂ නායකත්වය වෙත පවරා තිබෙනවා. එසේම ඉදිරි මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් තරඟ කරන බව ද මෙහිදී තීරණය කෙරුණු තවත් කරුණක්.



Update: Sunday, 08 February 2015 - 07:27 PM
.................................................................
එජාපයේ නව සභාපති මලික් සමරවික්‍රම

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිවරයා ලෙස මලික් සමරවික්‍රම පත් කර ගැණුනු බව පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසනවා. ඔහු කියා සිටියේ අද (08)  පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බවයි. මීට අමතරව පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පත් කරගෙන තිබෙනවා.