එළුවන් 27ක් ප්‍රවාහනය කළ 3ක් අල්ලයි

Sunday, 08 February 2015 - 15:02

%E0%B6%91%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+27%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
බලපත්‍ර රහිතව එළුවන් 27 දෙනෙකු වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු මුන්දලම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම - හලාවත මාර්ගයේ මරිච්චිකට්ටුව මංසන්ධියේදී ඊයේ (07) අත්අඩංගුවට ගත් සැකකරුවන් නාරම්මල කැකුණගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්. එළුවන්කුලම ප්‍රදේශයේ සිට කොළඹ දක්වා මෙම සතුන් ප්‍රවාහනය කර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා.



ඡායාරූප - පුත්තලම ජුඩ් සමන්ත.