හකීම්ගේ යෝජනාවට TNA කොළ එළියක්

Sunday, 08 February 2015 - 19:11

%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+TNA+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නැගෙනහිර පළාත් සභාව තුළ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙසට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තම පක්ෂයට කළ ආරාධනය යහපත් එකක් බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේන්ද්‍රන් කියා සිටියේ මෙම ආරාධනය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ තීරණය ඉදිරියේදී සාකච්ඡා කර දැනුම් දෙන බවයි. ඔහු මෙම අදහස් පළ කළේ නැගෙනහිර පළාත් සභාව තුළ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්වන ලෙසට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය දෙමළ ජාතික සන්ධානයට කළ ඇරයුම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි.

 ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මූලස්ථානයේ අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක අමාත්‍ය රවුෆ් හකීම් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට දෙමළ ජාතික සන්ධානයට මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද ආරාධනයක් කළා. එහිදී මුස්ලිම් කොංග්‍රසයේ නායකයා සදහන් කළේ පළාත් සභාවේ අමාත්‍ය ධුරයක් එක්සත් ජාතික පක්ෂයට පිරිනැමීමට සූදානම් බවයි. මේ පිළිබදව අප කරුණු විමසුවේ නැගෙනහිර පළාත් සභාවේ විපක්ෂ නායක දයා ගමගේගෙන්. ඔහු කියා සිටියේ පළාත් සභාව තුළ ස්ථාපිත කළ යුත්තේ ජාතික ආණ්ඩුවක් බව මතයේ තමන් ද සිටින බවයි. එය විශේෂයෙන් ප්‍රකාශ කිරීමක් අත්‍යවශ්‍ය නොවන බව සදහන් කළ ඔහු කියා සිටියේ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් දේශපාලන ලොක්කෙකු වීමට මෙවැනි ප්‍රකාශ සිදුකරන බවයි.