මට සාධාරණයක් ඉටු වූයේ නැහැ - විපක්ෂ නායක

Monday, 09 February 2015 - 8:03

%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A
මොන තරම් කැප කිරීම් කළත් කිසිදු ජනාධිපතිවරයෙකුගෙන් තමාට සාධාරණයක් ඉටු නොවූ බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. තමන් කටයුතු කරන්නේ නිළතල ලබා ගැනීමේ අරමුණින් නොව පක්ෂය රැක ගැනීමේ අරමුණින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. විපක්ෂ නායකවරයා පිළිගැනීම සඳහා බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා. ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු සහිත පාර්ලිමේන්තුවක් බිහි වනු ඇති බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ඌව පළාත් විපක්ෂ නායක හරීන් ප්‍රනාන්දු මහ ඇමති කිරීම සඳහා සහය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කළා.