දුන් පොරොන්දු ඉටු කිරීමයි වැදගත් - ජනපති

Monday, 09 February 2015 - 8:08

%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%89%E0%B6%A7%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
කළ යුත්තේ හෙට දවසේ අභියෝග ගැන සිතමින් කල් ගත කිරීම නොව ඒවා සිහි තබාගෙන අද දවසේ පැවරුණු කාර්ය භාරය ඉටු කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. එළඹෙන මහමැතිවරණයේදී වේදිකාවට නගින්නේ කෙලෙසදැයි ඇතැමුන් තමන්ගෙන් ප්‍රශ්න කරන බව සදහන් කළ ජනාධිපතිවරයා වඩා වැදගත් වන්නේ ජනතා පොරොන්දු ඉටු කිරීමට රජය ගත් ක්‍රියාමාර්ග බව අවධාරණය කර සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම අදහස් පළ කළේ සියනෑකෝරළයේ ජනතාවට ජනාධිපතිවරයාගේ උපහාර පුද කිරීම වෙනුවෙන් සංවිධාන කළ ‘‘ජනතා අභිනන්දන උත්තමාචාර’’ උළෙලට නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ එක්වෙමින්.

අමාත්‍යවරුන් වන අර්ජුණ රණතුංග, ජෝන් අමරතුංග, එන්.කේ.ඞී.එස්. ගුණවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පණ්ඩු බණ්ඩාරනායක, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සහ අජිත් මාන්නම්පෙරුම ද මෙම අවස්ථාවට එක්ව සිටියා.