ආරක්ෂක සේවා විද්‍යාලයේ ගැටළුව උත්සන්නවෙයි

Monday, 09 February 2015 - 12:53

%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කොම්පඤ්ඤවීදිය ආරක්ෂක සේවා විද්‍යාලයේ විදුහල්පතිවරයාට එහි පාලන අධිකාරිය භාරව සිටින බ්‍රිගේඩියර්වරයා බැන තර්ජනය කිරීමේ සිද්ධියත් සමඟ මතුව ඇති අර්බුදය තවත් දිග්ගැස්සී තිබෙනවා. අද දිනයේත් විදුහල්පතිවරයාට සහ අදාළ බ්‍රිගේඩියර්වරයාට පක්ෂපාතී දෙමව්පියන් කණ්ඩායම් වශයෙන් එම විද්‍යාලය ඉදිරිපිට රැෙස්ව සිටින අයුරු එහි ගිය හිරු වාර්තාකරුට දැකගන්නට ලැබුණා. විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අභියස එක් පසෙක විදුහල්පතිවරයාට සහය දක්වමින් ප්‍රගතිගාමී දෙමාපිය සංසදය පෝස්ටර් පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමී විරෝධතාවක නිරතවුණු අතර එහි අනෙක් පස බ්‍රිගේඩියර්වරයාට සහය පළ කරමින් ආරක්ෂක සේවා විදුහල සුරකීමේ දෙමාපිය සංසදයේ පිරිස් ර‍ෙඳී සිටියා.

මේ අතර, එම ස්ථානයට රැස්ව සිටි ආරක්ෂක සේවා විදුහල සුරැකීමේ දෙමාපිය සංසදය ප්‍රකාශ කළේ මෙම විදුහල්පතිවරයා දූෂණ වංචා රැසකට සම්බන්ධ බැවින් ඔහු විදුහලෙන් ඉවත් කළ යුතු බවයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා ආරක්ෂක ලේකම්වරයා සහ ගැටළුවට මුල්වී සිටින දෙපාර්ශවයේ දෙමව්පියන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අද පස්වරුවේ ආරක්ෂක සේවා විද්‍යාලයේ දැනට මතුව ඇති ගැටළුව පිළිබඳව ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා සමග සාකච්ඡාවක් පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ජාතික විදුහල්පතිවරුන්ගේ  සංගමයේ සභාපති පරාක්‍රම වීරසිංහ  කියා සිටියේ.