ලංකාවේ 3කට සෞදියේදී මරණ දඬුවම

Monday, 09 February 2015 - 13:10

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+3%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8
ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකුට සෞදි අරාබියේදී මරණ දඬුවම ලබාදී ඇති බවට වාර්තාවනවා. යේමන් ජාතිකයෙකුට පහරදී ඝාතනය කොට ඔහු සතුව තිබූ මුදල් කොල්ලකෑම ඔවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි. වසර 10 කට ආසන්න කාලයක් මොවුන්ට සිර දඬුවම්ද ලබාදී ඇති අතර පසුගිය සතියේදී මොවුන්ගේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මරණ දඩුවම ලබාදෙන ලෙස සෞදි අධිකරණය තීරණය කර  ඇති බවයි වාර්තාවන්නේ. මෙලෙස මරණ දඩුවම නියමවී ඇත්තේ රාගම, කුරුණෑගල - මහව සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තුන්දෙනෙකුටයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරාගෙන් විමසීමක් කළා. අමාත්‍යවරයා සඳහන් කළේ මෙම දඬුවම ලිහිල් කරගැනීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවයි. ඊට අදාළ ලිපි ලේඛනද මේ වනවිට සෞදි තානාපති කාර්යාලය හරහා එරට අධිකරණය වෙත යොමුකර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

මැදපෙරදිග ශ්‍රමිකයන් වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ පෙනී සිටින සමාජසේවා, සුභසාධන හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගෙන්ද මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. ඔහු කියා සිටියේ සෞදි අධිකරණය වෙත මෙම පුද්ගලයන් තිදෙනා බේරාගැනීම සඳහා අභියාචනයක්ද යොමු කළ බවයි. එහෙත් එම අභියාචනය නිශ්ප්‍රභ වී ඇති බවට තොරතුරු වාර්තාවන බවයි ඔහු ප්‍රකාශ කළේ.