ෆයිසර් මුස්තාපා ඉල්ලා අස්වෙයි

Monday, 09 February 2015 - 15:42

%E0%B7%86%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉල්ලා අස්වීමේ ලිපිය පෙරේදා (07) දිනයේදී තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කළ බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.

පෞද්ගලික සහ වෘත්තීය හේතූන් මත අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුවත් ඉදිරියටත් ආණ්ඩුව සමඟ කටයුතු කරන බව හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාපා සඳහන් කළා.

මේ අතර, පුරප්පාඩු වී තිබූ බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත හා පරිසර අමාත්‍යවරයා ලෙස ගාමිණී තිලකසිරි පළාත් ආණ්ඩුකාර කේ.සී. ලෝගේෂ්වරන් ඉදිරියේ අද දිවුරුම් දුන්නා. මීට පෙර එම අමාත්‍ය ධුරයේ උදය ගම්මන්පිල කටයුතු කළ අතර ඔහු පසුගිය ජනාධිපතිවරණයට පෙර එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.