මහින්ද කහදගම අත්අඩංගුවට

Monday, 09 February 2015 - 17:11

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%84%E0%B6%AF%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහදගම, කොළඹ වංචා විමර්ශන ඒකකය මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ස්වයං රැකියා නියුක්තිකයන්ගෙන් මුදල් ලබාගෙන ඒවා අයථා ලෙස භාවිත කිරීමේ චෝදනාව මත මොහු අත්අඩංගුවට ගත් බවයි.

දේශමාමක ජාතික බලවේගයේ සභාපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් සහ තවත් පුද්ගලයෙකු මහින්ද කහදගමට එරෙහිව පොලිස් මූලස්ථානයට අදාළ පැමිණිලි කර තිබුණා.

කෙසේ වෙතත්, ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ දේශමාමක ජාතික බලවේගයේ සභාපති පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියන් කියා සිටියේ තමන් සිදුකළ මෙහෙයුම සාර්ථක වූ බවයි.