ශ්‍රී.ලං.නි.ප සහ එජාපය එක්කරමු - ජනපති

Tuesday, 10 February 2015 - 8:15

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93.%E0%B6%BD%E0%B6%82.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
විධායක ජනාධිපති ධුරයේ කොතෙක් බලතල පැවතුණ ද පාර්ලිමේන්තුවේ සහයෝගයෙන් තොරව කිසිදු පියවරක් ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. එමෙන්ම එක්සත් ජාතික පාක්ෂිකයන් සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ගැටුම් ඇති කර ගත් යුගය අවසන් කළ යුතු බවයි මැදිරිගිරිය ප්‍රදේශයේ ඊයේ (09) පස්වරුවේ පැවැති ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

මේ අතර, පසුගිය කාලය තුළ වාර්තා වූ මහා පරිමාණ වංචා සහ දූෂණ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන බව අරලගංවිල ප්‍රදේශයේ ඊයේ පැවැති ජන හමුවකදී ජනාධිපතිවරයා කියා සිටියා.