මෝදි දිල්ලිය පරදී

Tuesday, 10 February 2015 - 13:16

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ දී දූෂණය පිටුදැකීම තේමාව කර ගත් ආම් ආද්මි පක්ෂය වෙතින් තමන් පැහැදිලි පරාජයකට ලක්වූ බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය පිළිගෙන තිබෙනවා. ප්‍රාන්තයේ ආසන 70කින් 64කම ඉදිරියෙන් සිටින්නේ අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මි පක්ෂයයි. භාරතීය ජනතා පක්ෂය ආසන 5ක ඉදිරියෙන් සිටින අතර කොංග්‍රස් පක්ෂයට කිසිදු ආසනයක් හිමි නොවන ලකුණු පහළ වී තිබෙනවා. කෙසේ නමුත්, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිල්ලි ප්‍රාන්ත මැතිවරණය ජය ගත් අරවින්ද් කෙජ්රිවාල්ට දුරකථන ඇමතුමක් දී සුබ පැතූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. දිල්ලි ප්‍රාන්තයේ අල්ලස, දූෂණය සහ ප්‍රභූ සංස්කෘතිය අවසන් කරන බව ජයග්‍රහණයෙන් අනතුරුව අරවින්ද් කෙජ්රිවාල් ප්‍රකාශ කළා.