ඉන්දු - ලංකා සබඳතා ඉහළට - ජනපති

Tuesday, 10 February 2015 - 12:59

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
දෙරටේම ජනතාවට ප්‍රතිලාභ අත්වන ආකාරයෙන් ඉන්දියාව සමඟ පවතින සබඳතා ඉහළ තලයකට උසවා තැබීම තම අරමුණ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේ විශිෂ්ඨ ද්වි පාර්ශවික සබඳතාවක්. එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන බවයි ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජි වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යවා ඇති ලිපියක දැක්වෙන්නේ. තම ජයග්‍රහණය වෙනුවෙන් ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි එවූ ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමිනුයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

ඉන්දු - ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා පිළිබඳව මෙහිදී සිහිපත් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බහු වාර්ගික බව සහ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් දෙරට අතර නව සමානත්වයක් ගොඩනැගී ඇති බවයි ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයා ඉන්දීය ජනපති ප්‍රනාබ් මුකර්ජි වෙත යැවූ ලිපිය රාෂ්ට්‍රපති භවන් මගින් ඊයේ (09) ප්‍රකාශයට පත් කර ඇති අතර එරට පුවත්පත්වල අද ඊට ප්‍රසිද්ධියක් ලබාදී තිබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෙබරවාරි 15 වන දා සිට 18 වන දා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වන්නේ ඉන්දීය ජනපතිවරයාගේ ආරාධනයෙන්. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද ලබන මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා.