දකුණේ නිල නොවන අවි ගබඩා - සජිත්

Tuesday, 10 February 2015 - 13:04

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F+-+%E0%B7%83%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A
බෙලිඅත්ත සහ වීරකැටියේ නිළ නොවන අවි ගබඩා පවතින බවට අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද (10) මැතිසබයට හෙළිදරව්වක් කළා. ඒ, ජනාධිපතිවරණයෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කල් තැබීමේ විවාදයට එක්වෙමින්. පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විසින්. ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයෙන් පසුව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගත යුතු බවයි. එමෙන්ම හානි වූ දේපළවලට වන්දි ලබාදිය යුතු බව ද විපක්ෂ නායකවරයා මෙහිදී සදහන් කළා. මේ අතර දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.