කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ?

Tuesday, 10 February 2015 - 13:09

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%3F
වීසා කාලය ඉක්මවා මෙරට තුළ රැදී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. මීට පෙර අවස්ථා දෙකකදී කුමාර් ගුණරත්නම් ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඊයේ දිනයේත් මොහුට සිය ගුවන් ප්‍රවේශ පත්‍රයත් රැගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද ඔහු නොපැමිණි බවයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ. එසේම කුමාර් ගුණරත්නම් ලබාදී ඇති ලිපිනයන් ඔස්සේ ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය දින කිහිපයේ පරීක්ෂණ සිදුකළත් කුමාර් ගුණරත්නම් එම නිවෙස්වල නොසිටි බව ද එම ප්‍රකාශකයා සදහන් කළා.

මේ අතර, ලබන 13 වන දා වන තුරු කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම හෝ රටින් පිටුවහල් කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළා. අගවිනිසුරු කේ. ශ්‍රීපවන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගයක් නිකුත් කළේ ආගමන විගමන පාලකවරයා, කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කිරීමට නියෝග කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.