අගමැති සහ ඇමතිවරුන්ට පූර්ණ නිදහස

Tuesday, 10 February 2015 - 19:13

%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍යවරුන්ට නිදහසේ වැඩකටයුතු කරගෙන යෑමට පූර්ණ අවස්ථාව ලබාදී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රජයේ හෙද නිලධාරීන්ගේ විශේෂ සමුළුවක් මහරගම තරුණසේවා ශ්‍රවණාගාරයේදී අද (10) අමතමින්. මීට පෙර නිදහසේ වැඩකිරීමට මෙන්ම තමා සෞඛ්‍ය සේවය වෙනුවෙන් සිදුකිරීමට උත්සාහ කළ සියලූ යහපත් කටයුතුවලට තමාට වඩා ඉහළින් සිටි නායකයන් බලපෑම් කළ බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළා.