අයි.එස්. වරුන්ගේ අළුත්ම බිල්ල

Wednesday, 11 February 2015 - 8:38

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%85%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD
අයි.එස්. සටන්කාමීන් භාරයේ පසුවූ අවසන් ඇමරිකානුවාත් ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ 2013 වසරේ සිරියාවේදී අයි.එස්. සටන්කාමීන්ගේ අත්අඩංගුවට පත්වූ 22 හැවිරිදි කයිලාර් මුලර් නමැති තරුණියක්. කෙසේ වෙතත්, අයි.එස්. සටන්කාමීන් පවසන්නේ මෙම ඝාතනය සිය සංවිධානය සිදුනොකළ අතර ජෝර්දාන ගුවන් ප්‍රහාරයකින් ඇය ඝාතනය වී ඇති බවයි. කෙසේ වෙතත්, ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කර තිබෙන්නේ ඇමරිකානු තරුණිය ඝාතනය කිරීම අයි.එස්. සටන්කාමීන් විසින් සිදුකළ බවට තහවුරු වී ඇති බවයි.