අනාරක්ෂිත ළිං සහ තාප්ප හිමිකරුවන්ට වැඩ වරදී

Wednesday, 11 February 2015 - 7:41

%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B7%85%E0%B7%92%E0%B6%82+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93
රජයට අයත් වාහන අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින පුද්ගලයන්ට එරෙහිව මින් ඉදිරියට තදින් නීතිය ක්‍රියාත්මක කරන බව පොලීසිය ප්‍රකාශ කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කොළඹ ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ තවත් වාහන 21ක් සොයා ගැනීමට පවතින බවයි.
 
පසුගිය දිනවල ගාලූ වරායෙන් සොයාගත් පාවෙන අවි ගබඩාව සහ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබූ අවි ගබඩාව සම්බන්ධයෙන්ද කරුණු දෙකක් ඔස්සේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මෙහිදී සඳහන් කළා.

අනාරක්ෂිත ළිං සහ තාප්ප පවතින ස්ථානවල හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු සඳහන් කළේ කුඩා දරුවන් එවැනි ස්ථානවලදී අනතුරට ලක්ව මියයෑම සම්බන්ධයෙන් කළ විමසීමකදියි.