හෙද සභාව පමා කළේ ඇයි? - ජනපති

Wednesday, 11 February 2015 - 8:06

%E0%B7%84%E0%B7%99%E0%B6%AF+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92%3F+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
තමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ හෙද සභාව ක්‍රියාත්මක කිරීමට නොහැකිවීමට හේතුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙළි කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රජයේ හෙද නිලධාරීන්ගේ විශේෂ සමුළුවකට මහරගම තරුණසේවා ශ්‍රවණාගාරයේදී ඊයේ (10) එක්වෙමින්. ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ හෙද සභාව පිහිටුවීමට අදාළ පනත සම්මත කර ඊට සුදුසු පුද්ගලයන් පත් කිරීම තමා වසර දෙක හමාරක් ප්‍රමාද කළ බවයි. ඊට හේතු වූයේ දේශපාලනයට සම්බන්ධ පුද්ගලයින් එම සභාව සදහා පත් කිරීමට සිදුවීම බව ද ජනාධිපතිවරයා තවදුරටත් සදහන් කළා.