ව්‍යවස්ථා සංශෝධන ළඟදීම

Wednesday, 11 February 2015 - 8:36

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B7%85%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8
ජාතික විධායක සභාවේදී සාකච්ඡාවට බඳුන් වූ ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයට අදාළව  පනත් කෙටුම්පතක් නුදුරු දිනකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු කියා සිටියේ මෙම සංශෝධනය තුළ විධායක ජනාධිපති ධුරය ඉවත් කිරීම, ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිහිටුවීම සහ මහමැතිවරණය මෙන්ම ජනාධිපතිවරණය නියමිත කාලයේදී පැවැත්වීම යන සංශෝධන ඇතුළත් බවයි.

පුළුල් සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් පසුගිය 15 වන දා මෙම ජාතික විධායක සභාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පළමු වරට රැස්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන් සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් යන සාමාජිකයින් මෙම ජාතික සභාව නියෝජනය කරනු ලබනවා.