සරණට කොටි 6ක ඇප

Wednesday, 11 February 2015 - 11:44

%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+6%E0%B6%9A+%E0%B6%87%E0%B6%B4
ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ව සිටියදී සිදුවූ වංචා දූෂණ සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනුකළ නඩුවට අදාළව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන රුපියල් එක් ලක්ෂ 50,000 ක මුදල් ඇපයක් සහ ලක්ෂ 600 ක ශරීර ඇප මත මුදා හැරුණා. ඒ ඊට අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීයි. පැමිණිලි 107 කට අදාළවයි මෙම නඩුව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ ගොනුකර ඇත්තේ. නඩුව මැයි මස 14 වැනිදා යළි කැඳවීමට නියමිතයි.