තිස්සට ඇප

Wednesday, 11 February 2015 - 11:48

%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (11) නියෝග කළා. ඒ අනුව ඔහු මුදා හැරුණේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි. බන්ධනාගාර රෝහලේ සිට තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා අද අධිකරණයට පැමිණ සිටියා. බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, ඩුලිප් විජේසේකර සහ රුවන් රණතුංග යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද අධිකරණ භූමියට පැමිණ සිටි බවයි හිරු අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ.   

කූඨ ලේඛණ සකස් කිරීමේ වරදට අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ පසුගිය 2 වනදායි. ජනාධිපතිවරණ සමයේ වත්මන් අග්‍රාමාත්‍ය සහ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පොදු අපේක්ෂකයා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර අත්සන් කළ බව කියන රහසිගත ගිවිසුමක් පිළිබඳ කූඨ ලේඛනයක් ඉදිරිපත් කරමින් ඔහු කළ අනාවරණයක් ඊට හේතුවුණා. ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ අතර ඒ අනුවයි මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණේ.

Wednesday, 11 February 2015 - 01:13 PM
.................................................
තිස්ස අත්තනායක ඇප මත මුදා හරී

පසුගියදා ජනාධිපතිවරණ සමයේදී කූඨ ලේඛණ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූ හිටපු සෞබ්‍ය ඇමති තිස්ස අත්තනායකට අද දිනයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව  ඇප ලබාදී ඇති බවට වාර්තා වනවා.

බන්ධනාගාර ගතව සිටි ඔහුගේ සුවදුක් විමසීමට හිටපු ජනපති මෙන්ම ඔහුගේ දියණියද පසුගියදා බන්ධනාගාර රෝහල වෙත පැමිණ සිටියා.