අලි වැටලීමට නව ක්‍රමයක්

Wednesday, 11 February 2015 - 12:59

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7++%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ට විඳීමට සිදුව ඇති අපහසුතාවන් පිළිබඳව සොයා බලා කඩිනම් පියවර ගන්නා බව ක්‍රීඩා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ප්‍රකාශ කර තිබෙනවා. ඒ එම අලි ඇතුන් හිමිකරුවන් සමඟ ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීයි.

තමන් මුහුණදී සිටින ගැටලූ සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් ද දැනුවත් කිරීමට හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය ඊයේ පියවර ගත්තා. එම අවස්ථාවට හීලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුලූ මහ සංඝ රත්නයද එක්ව සිටියා.

අලි ජාවාරම් පිළිබඳව සියලූදෙනාගේ අවධානය යොමු විය යුතු බව මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් මෙම පිරිස හමුවූ අවස්ථාවේදී සඳහන් කර තිබෙනවා.

මෙම හමුවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිලෑ අලි ඇතුන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සදහන් කළේ මෙම ගැටළුවට විසදුමක් නොලැබුණහොත් සති අන්තයේ තමන් අලි ඇතුන්  සමග පාරට බැස විරෝධතාවයේ නිරත වන බවයි.

කෙසේ වෙතත්, මොවුන්ගේ ගැටළු සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී තම ගැටළුවලට විසදුම් ලබාදීමට නියෝජ්‍ය අමාත්‍යවරයා පොරොන්දු වීමත් සමඟ තමන් සිදුකිරීමට නියමිත තිබූ විරෝධතාවය නතර කිරීමට තීරණය කළ බවයි එම සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.  

අප මේ පිළිබඳව ක්‍රීඩා හා සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායකගෙන් ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ මේ පිළිබඳ නිසි ප්‍රතිපත්තියක් සැකසෙන තුරු හීලෑ අලි ඇතුන් හිමිකරුවන් සතු අලි ඇතුන් පිළිබඳ පරීක්ෂණ නොකරන බවයි.