ජනපතිගේ ඉන්දීය සංචාරයෙන් ධීවරයන්ට නිදහස

Wednesday, 11 February 2015 - 13:06

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ඉන්දීය සංචාරයට සමගාමීව අත්අඩංගුවේ පසුවන දෙරටේම සියලූ ධීවරයන් නිදහස් කිරීම සිදුවන බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි පවසනවා. ඉන්දීය අත්අඩංගුවේ පවතින මෙරට ධීවර යාත්‍රා 18 ක් සහ ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසුවන ඉන්දීය ධීවර යාත්‍රා 86 ක් ද මේ යටතේ නිදහස් කරනු ඇති. ඊට අවශ්‍ය නීතිමය කටයුතු මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුව හරහා සිදුවෙමින් පවතින බවයි ධීවර රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම, ඉන්දීය රජය සමඟ මෙම කටයුතු සාකච්ඡා කිරීම සඳහා ධීවර අමාත්‍යාංශ නිලධාරින් පිරිසක් අද ඉන්දියාව බලා පිටත්ව ගිය බව ද ඔහු සඳහන් කළා.