අල්ලස් කොමිසමට නව මුහුණක්

Wednesday, 11 February 2015 - 13:34

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%9A%E0%B7%8A
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස පත් කෙරුණු ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ අද (11) ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි. එසේම මහාධිකරණ විනිසුරු හේමා කුමුදුනී වික්‍රමසිංහ ද අභියාචනාධිකරණ විනිසුරුවරියක් ලෙස අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා.