පුටින්ට යළි අනතුරු අඟවයි

Wednesday, 11 February 2015 - 13:42

%E0%B6%B4%E0%B7%94%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%9F%E0%B7%80%E0%B6%BA%E0%B7%92
යුක්රේනයට ප්‍රහාර එල්ල කළහොත් දරුණු ප්‍රතිචාර වලට මුහුණදීමට සිදුවනු ඇති බවට ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අනතුරු අඟවනවා. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ රුසියානු හමුදා නැගෙනහිර යුක්රේනයේ නව යුද අභ්‍යාසයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්. මේ අතර, නැගෙනහිර යුක්රේනයේ පවතින අර්බුදයට විසඳුම් සෙවීම සඳහා විශේෂ සමුළුවක් බෙලරුස් රාජ්‍යයේ මින්ක්ස් අගනුවරදී අද ආරම්භවීමට නියමිතයි. යුක්රේනය, ප්‍රංශය, ජර්මනිය සහ රුසියාව යන රටවල නියෝජිතයින් මෙම සමුළුවට සහභාගි වනු ඇති.