මල්ලී පැන ගියේ නැහැ

Wednesday, 11 February 2015 - 19:11

%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
තම සොහොයුරු යෝෂිත රාජපක්ෂ විදේශගතවූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඇතිව බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු කියා සිටියේ නාවික හමුදා නිලධාරියෙකු වන තම සොහොයුරා  ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගියේ පෞද්ගලික සංචාරයක් සඳහා බවයි. එය රටින් පැනයාමක් නොවන බව කී මන්ත්‍රීවරයා කඩිනමින් ඔහු නැවත මෙරටට පැමිණෙනු ඇති බවත් සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අද ඇප ලබා අධිකරණයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද එම ස්ථානයට පැමිණ සිටි අතර එහිදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකට ප්‍රතිචාර ලෙසයි ඔහු මෙම අදහස් පළ කළේ.