Update : අතුරුදන් සිසුවා සහ සිසුවිය සොයා මෙහෙයුම්

Thursday, 12 February 2015 - 7:41

%EF%BB%BFUpdate+%3A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
දැදුරු ඔය ජලාශයට පැන සියදිවි නසාගත්තා යැයි සැක කරන පාසල් සිසුවාගේ සහ සිසුවියගේ සිරුරු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. පොලීසිය, නාවික හමුදාව මෙන්ම ප්‍රදේශවාසීන්ද ඊට එක්ව සිටින බව සඳහන්.  

කුඹුක්ගැටේ සහ කුලියාපිටිය ප්‍රදේශයේ පාසල් දෙකක ඉගෙනුම ලබන මෙම සිසුවා සහ සිසුවියගේ පාසල් බෑග් සහ ඇඳුම් ජලාශය අසල තිබී පොලිසිය සොයාගත්තේ ඊයේ දහවල් කාලයේදියි. ඒ අනුවයි මේ පිළිබඳ පරීක්ෂණ ආරම්භ වුණේ. ඔවුන් දෙදෙනා කාලයක් තිස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව දෙමව්පියන් පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.

මීට පෙර පල කළ පුවත පහතින් බලන්න :
http://goo.gl/38CUKb