අයි.එස්. පැරදවිය හැකියි - ඔබාමා

Thursday, 12 February 2015 - 8:16

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F
සිරියාවේ සහ ඉරාකයේ බලය පතුරුවමින් සිටින අයි.එස්. සටන්කාමීන් පැරදවිය හැකි බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අයි.එස්. සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහිව ඇමරිකානු හමුදා බලය යෙදවීම සඳහා කොංග්‍රස් මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා සිටිමින්. ඇමරිකානු සන්ධානය ප්‍රහාරාත්මක මෙහෙයුමක නිරතවන බැවින් අයි.එස්. සටන්කාමීන්ට ආරක්ෂාව උදෙසා සටන් කිරීමට සිදුවනු ඇති බවයි ජනාධිපති ඔබාමා වැඩිදුරටත් කියා සිටියේ. එහි අවසානය අයි.එස්.වරුන්ගේ පරාජය බව ඇමරිකානු ජනාධිපතිවරයා කොංග්‍රස් මණ්ඩලය වෙත කියා සිටියා. ඇමරිකානු ජනාධිපතිවරයෙකු හමුදා බලය යෙදවීම සඳහා මෙලෙස කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත්තේ 2002 වසරේ ඉරාක යුද්ධය සඳහා ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් කොංග්‍රසයේ අනුමැතිය ඉල්ලීමෙන් පසු ප්‍රථම වරටයි.