මධ්‍යධරණී මුහුදේ ගිලුනු නෞකාවේ මරණ 300 ඉක්මවයි

Thursday, 12 February 2015 - 8:25

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B0%E0%B6%BB%E0%B6%AB%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+300+%E0%B6%89%E0%B6%9A%E0%B7%8A%E0%B6%B8%E0%B7%80%E0%B6%BA%E0%B7%92
උතුරු අප්‍රිකාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි නීතිවිරෝධී සංක්‍රමණිකයන් 300 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම පවසනවා. පසුගිය සඳුදා ඉතාලි වෙරළාරක්ෂකයන් යාත්‍රාවේ සිටි 105 දෙනෙකු බේරාගත්තා. ඒ, ඔවුන් ජීවිතාරක්ෂක ඩිංගි බෝට්ටුවක සිටින විටයි. කෙසේ නමුත් ඉන් 29 දෙනෙකු අධික ශීතල හේතුවෙන් මියගියා. තවත් ඩිංගි බෝට්ටු 3ක සංක්‍රමනිකයන් 300 කට වැඩි සංඛ්‍යාවක් ගමන් ගෙන ඇති අතර ඉන් ඩිංගි බෝට්ටු දෙකක්ම මුහුදේ අතුරුදන්වූ බවයි දිවි ගලවාගත් පුද්ගලයන් ප්‍රකාශ කර ඇත්තේ. මධ්‍යධරණී මුහුද හරහා යුරෝපය බලා යන නීතිවිරෝධී සංක්‍රමණිකයන් 3500 කට වැඩි පිරිසක් පසුගිය වසරේදී ජීවිතක්ෂයට පත්වුණා.