විදෙස් මුදල් තොගයක් ගුවන් තොටේදී දැලේ

Thursday, 12 February 2015 - 9:00

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
රුපියල් හාරකෝටි අසූතුන් ලක්ෂයක වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් ඩුබායි බලා රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේදී අද අලූයම අත්අඩංගුවට ගැනුනා. ඔහුගේ ගමන් මල්ලේ සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගයට කුවේට ඩිනාර්, ජපාන යෙන්, කටාර් රියාල්, සෞදි රියාල්, ඇමරිකානු ඩොලර්, යුරෝ සහ ස්ටර්ලින් පවුම් මුදල් නෝට්ටු ඇතුළත්ව තිබූ බව සඳහන්. මොහු මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.