දැදුරු ඔයට පැන්න සිසුවාගේ සිරුර හමුවෙයි

Thursday, 12 February 2015 - 10:25

%E0%B6%AF%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%94%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දැදුරු ඔය ජලාශයට පැන සියදිවි නසාගත් බවට සැක කෙරෙන පාසල් සිසුවාගේ මළ සිරුර නාවික හමුදාව අද (12) උදෑසන සොයාගත්තා. සිසුවා සමග  ජලාශයට පැන අතුරුදන්වූ පාසල් සිසුවියගේ සිරුර සොයා නාවික හමුදාව තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ දහවල් පාසල් සිසුවෙක් සහ සිසුවියක් දැදුරුඔයේ ජලාශයේ බැම්මෙන් ජලාශයට පැන සියදිවි හානිකරගත් බවට ඇතිවූ සැකයක් මත පොලීසිය සහ නාවික හමුදාව එක්ව මෙම සෝදිසි මෙහෙයුම් ආරම්භ කළා. සිසුවියගේ සහ සිසුවාගේ වයස අවුරුදු 15 ක් වන බවට දැනට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිසුවාගේ සහ සිසුවියගේ පාසල් බෑග් සහ නිල ඇඳුම් ජලාශය අසල තිබී ඊයේ දහවල් සොයාගත්තේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මතයි.   

11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම සිසුවා සහ සිසුවිය කාලයක් තිස්සේ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති බව ඔවුන්ගේ දෙමව්පියන් පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා. ඊට ඔවුන්ගේ දෙමව්පියන් විරෝධය පළ කර ඇති බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. අදාළ සිසුවා කුඹුක්ගැටේ මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර සිසුවිය ඉගෙනුම ලබන්නේ කුලියාපිටිය ගාමිණී මහා විද්‍යාලයේයි.

එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ මේ වනවිට දැදුරු ඔය ජලාශය ආසන්නයට අති විශාල ජනකායක් පැමිණ ඇති බවයි. සිසුවාගේ සහ සිසුවියගේ දෙමව්පියන් සහ ඥාතීන්ද එම ස්ථානයට පැමිණ ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.