මවක් සිය පුතුට තියුණු ආයුධයකින් පහර දේ

Thursday, 12 February 2015 - 10:58

%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A
වේයන්ගොඩ - මැදගමුව ප්‍රදේශයේදී මවක්, තම සිව් හැවිරිදි කුඩා පිරිමි දරුවාට තියුණු ආයුධයකින් පහරදී ඇයද සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද (12) උදෑසන මෙම පහරදීම සිදුකර ඇති බවයි. මවගේ පහරදීමෙන් බරපතල තුවාල ලැබූ කුඩා දරුවා වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. 31 හැවිරිදි වියේ පසුවන මව සිය නිවස තුළදී මෙම පහරදීම සිදුකර ඇති අතර ඇයද ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ. සිද්ධිය වන අවස්ථාවේදී ඇගේ තවත් කුඩා දරුවෙකු නිවසේ සිට ඇති අතර පසුව එම දරුවා එම නිවසෙන් පළාගොස් ඇති බවයි වාර්තාවන්නේ. දරුවාට පහරදීමට හේතුව හෝ මවගේ සියදිවි හානිකරගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.