Update: අයියාගේ දරුවන් විකිණූ මල්ලී ගම්පොළ දී කොටුවෙයි

Thursday, 12 February 2015 - 16:12

Update%3A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%96+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තම සහෝදරයාගේ සිව් හැවිරිදි පිරිමි දරුවා රුපියල් 20,000 කට විකිණීමට උත්සාහ කළ පුද්ගලයෙකු උපාය දූතයන්ගේ මාර්ගයෙන් ගම්පොළ පොලිසිය අද (12) අත්අඩංගුවට ගත්තා. මෙලෙස අත්අඩංගුවට ගැනුණේ ගම්පොළ - දොලොස්බාගේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ සහෝදරයාගේ වයස අවුරුදු දෙකක පිරිමි දරුවෙකු මීට පෙර කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයෙකුට රුපියල් පන් දහසක මුදලකට විකුණා ඇති බවයි.

මෙම පුද්ගලයා දරුවෙකු විකිණීමට උත්සාහ කරන බවට පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව උපාය දූතයින් ලෙස පොලිස් නිලධාරියෙකු සහ නිලධාරිනියක් අඹුසැමියන් ලෙස යොදවා එම පුද්ගලයා වෙත යොමුකර තිබෙනවා. පසුව ගම්පොළ දුම්රියපොළ ඉදිරිපිටදී අදාළ සිව්හැවිරිදි දරුවා සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා. දරුවන්ගේ මව මියගොස් ඇති අතර, පියා විසින් ඔවුන් දෙදෙනා සැකකාර බාප්පා වෙත භාර දී ඇති බවයි වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදුකෙරෙන අතර, හෙට දිනයේදී ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, වේයන්ගොඩ - මැදගමුව ප්‍රදේශයේදී මවගේ පහරදීමට ලක්ව තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කළ සිව් හැවිරිදි දරුවාගේ තත්ත්වය යහපත් බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ දරුවාගේ හිසට පමණක් සුළු තුවාල සිදුවී ඇති බවයි. අද උදෑසන මෙම මව සිය කුඩා පිරිමි දරුවාට තියුණු ආයුධයකින් පහරදී ඇයද සියදිවි හානි කර ගත්තා. කෙසේ වෙතත්, වාර්තාවන ආකාරයට පියා සහ මව අතර ඇතිවු ආරවුලක් හේතුවෙන් මෙලෙස ඇය දරුවාටද පහරදී සියදිවි හානිකරගෙන තිබෙනවා. මෙම සිද්ධිය වන අවස්ථාවේදී ඇගේ තවත් කුඩා දරුවෙකු නිවසේ සිට ඇති අතර පසුව එම දරුවා එම නිවසෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත්, දරුවාගේ පියා මේ වනවිට රෝහලට පැමිණ දරුවා අසල සිටින බවයි වාර්තා වන්නේ.



Update: Thursday, 12 February 2015 - 07:04 PM
..................................................
දරුවන් විකුණූ සහෝදරයාට වැඩ වරදී

වැඩිමහල් සහෝදරයාගේ දරු දෙදෙනා විකිණූ බව කියන බාල සහෝදරයා හා ගැහැණුන් දෙදෙනෙකු ගම්පොළ පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 02 ක පිරිමි දරුවා රුපියල් 5000 කට ගම්පොළ - කීරපනේ නිවසකට මීට පෙර විකුණා ඇති අතර, සිව් හැවිරිදි දරුවා රුපියල් 20,000 කට විකුණා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව උපාය දූතයින් ලෙස පොලිස් නිලධාරියෙකු සහ නිලධාරිනියක් අඹුසැමියන් ලෙස යොදවා එම පුද්ගලයා වෙත යොමුකර තිබෙනවා. පසුව ගම්පොළ දුම්රියපොළ ඉදිරිපිටදී අදාළ සිව්හැවිරිදි දරුවා සමඟ සැකකරු එම උපාය දූතයින් දෙදෙනාට දරුවා විකිණීමට යාමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.